මැණික් යනු මොනවාද?
මැණික් යනු ඉතා දුර්ලභ ඛනිජ විශේෂ වේ.
සරල විග්‍රහය අනුව අලංකාරය සහ කල් පැවැත්ම අනුව තෝරාගත් ස්වාභාවික ඛනිජ වර්ග කපා ඔප දමා මිනිසුන්ගේ අලංකරණයට හා භාවිතයට යොදා ගන්නා ගල් වර්ගයි.
එමෙන්ම මුතු හා ඇම්බර් ජීවීන්ගෙන් ඇතිවන වටිනා ද්‍රව්‍ය වේ.
මැණික් ඇති වන්නේ කෙසේද?

මැණිකක් සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය එකතු වීම මෙන්ම අලංකාරයෙන් යුතු පාරිශුද්ධ වස්තුවක් ලෙස එය ඇතිවීම ඉතා දුර්ලභ අවස්ථාවකි.
සරලව පැවසුවහොත් පොළොව මධ්‍යයේ ඇති ලාවා ගිනිකඳු පිපිරීම් මගින් පොළොව මතුපිටට පැමිණේ.
ලාවා පාෂාණ,ඛනිජ ලෙස තැන්පත් වෙයි.ඒවා පොළොව මතුපිටට පැමිණීමේ දී පීඩනයට, තාපයට, ස්වභාවික ක්‍රියාකාරකම් වලට යටත් වී විවිධ වූ මැණික් වර්ග රසායන සංයුතීන් අනුව එකතුවී හැදෙයි.මෙය මතුපිට සිට කිලෝමීටර් 400ක් දක්වා පරාසයක විහිදී ඇත.
වසර මිලියන 150කට පමණ පෙර නිර්මාණය වූ නිල් මැණික් හා රතු මැණික් ද වසර මිලියන 970 ක සිට බිලියන 3.2 ක කාලයකට පෙර නිර්මාණය වූ දියමන්තිද අද අපට පොළොව මතුපිටින් හමුවී ඇත. මෙය පෘථිවිය තුල දිගටම සිදුවන ක්‍රියාවලියකි. මෙය පාෂාණ චක්‍රය නම් වේ.
දියමන්ති නිල් හා රතු මැණික් පෙරිඩොට් ඉතා ගැඹුරු පරිසරයක නිර්මාණය වේ.
එමෙන්ම පොළව අභ්‍යන්තරයේ දැඩි තාපය හා පීඩනය නිසා ද නිල් මැනික් ,රතු මැණික් ,කිරිංචි, ගෝමේද ආදි මැණික් නිර්මාණය වේ.
එමෙන්ම ඛනිජ වර්ග බහුල ලාවා සිසිල් වීමේදීද මැණික් නිර්මාණය වේ.
එමෙන්ම අවසාදිත ජලය තැන්පත් වීම නිසා ද මැලචයිට්,අසුරයිට්,ඹ්පල් ආදී මැණික් නිර්මාණය වේ.
මැණික් වලට වටිනාකමක් ලැබෙන්නේ කෙසේද?



කල්පැවැත්ම,දුර්ලභ බව,පිළිගැනීම,අලංකාරය
වැනි සරල කාරණා මෙන්ම,
ජ්‍යොතිෂය (Astrology)අනුව ග්‍රහ බලපෑම් අවම කරගැනීමට,
සුවකිරීමේ(Healing) ක්‍රමවේද අනුව ශරීරයේ චක්රා වල බලය වැඩි කිරීමට,
අභ්‍යවකාශ යානා වලට, ගුවන්යානා වලට, චන්ද්‍රිකාවලට, දුරකථන ආදී සන්නිවේදන උපකරණ නිර්මාණයට, දිගුකල් පවත්නා ඔරලෝසු ආදී උපකරණ නිර්මාණයට මැණික් භාවිතා වේ.
අද කාලයේ විශේෂයෙන් ආයෝජනයට මෙන්ම මුදල් විශුද්ධිකරණයට මැණික් භාවිතාවේ.

ඩොලර් බිලියන ගණනක් වුවත් ඇඟිලි ප්‍රමාණයට ගැනීමට එක් මිණිකැටයකට හැකියාව ඇත. එම නිසා මැණික් යනු ඉතා හොඳ මුදල් ආරක්ෂකයෙක් මෙන්ම ආයෝජකයෙකි.
සුව කිරීමේ හැකියාව විද්‍යාත්මකව ඔප්පු කර ඇත.ඕරාව පරීක්ෂාකර චක්රා බලවත් කිරීමට මැණික් පැලඳීම දියුණු රටවල බහුලව සිදු කරයි.මේ සඳහා විද්‍යාත්මකව නිපදවූ උපකරණ තිබේ.

ශ්‍රී ලංකාවේ හමුවන මැණික් වල විශේෂ ගුණ ඇත. එමෙන්ම එම ස්වභාවික මැණික් වලට ලෝක වෙළෙඳ පොළේ ඉතා ඉහල වටිනාකමක් ලැබේ. ඈත අතීතයේ සිටම රජවරුන්, රාවණා වැනි බලපරාක්රමයන් පැතිරවූ බලවත් පුද්ගලයින්, සියලුම දෙවියන්, ඊජිප්තු පිරමීඩ, සංක්‍රමණික වෙළෙන්දන්, පර්යේෂකයන් සම්බන්ධ සෑම පුරාවෘත්තයකම, ඔවුන් භාවිත කළ ආභරණ හා විවිධ වූ ආයුධ මෙන්ම උපකරණ වල ද මැණික් භාවිතා වූ බව අපට පසක් වේ.
විශේෂයෙන් කානේලියන් වැනි මැණික් වර්ග රජවරුන් තමන්ගේ කාම ශක්තිය වැඩිකරගැනීමට භාවිතා කර ඇත.

ශ්‍රී ලංකාව තුළ හමුවන මැණික් ඉතාම ඉහල පාරිශුද්ධත්වය කින් සමන්විතය. මැණිකක් තුළ තිබිය යුතු නියමාකාර රසායනික ප්‍රතිශතය ඇත. එමෙන්ම ලොව අඩුම ගුරුත්වයක් ඇති භූමියේ මතුවන නිසා විශ්ව ශක්තිය ආකර්ෂණය කිරීමේ බලය වැඩිය. මෙය ශ්‍රි ලංකාව තුළ ජනනය වන සෑම ජීවියෙකු තුලද දැකිය හැක. විශේෂයෙන් ශ්‍රි ලංකාවෙන් බිහිවන බුද්ධිමතුන් හා ඔවුන්ගේ ජාන ඉතා බලවත්ය , ඵල දරන සියලුම ශාක ආහාර විශේෂ පෝෂණ ගුණයෙන් වැඩිය.
එම නිසා මේ භූමිය තුළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාදීපයේ 25% ක් ඇති මැණික් සම්පත තුළද මෙම විශ්ව ශක්තියට ඇති ආකර්ෂණය වැඩි වීම නියතය.
Healing
මැණික් මගින් සුව කිරීමේ හැකියාව
සෑම මැණික් ගලකම කම්පන ප්‍රමාණයක් ඇත.
විශේෂයෙන් පළිඟු (Quartz) හා මනුෂ්‍යයාගේ කම්පන සංඛ්‍යාතය සමාන වේ.
එවිට මනුෂ්‍ය ශරීරය තුළ සඛ්යාතයේ යම්කිසි දුර්වලතාවයක් ඇති වන විට පළිඟු
(Quartz) සම්බන්ධ මැණිකක් පැළදීමෙන් එය සමබර කරගත හැක. මේ සියලු දේවල් අද බටහිර විද්‍යාවද ඔප්පු කර ඇත.
එමෙන්ම ශරීරය පවතින චක්‍ර දුර්වල වීමේ දී අපට විවිධ කටයුතු සිදු කර ගැනීම අපහසු වේ. ඒ සඳහා චක්‍ර සඳහා වෙන්වූ මැණික් සංඛ්‍යාතය මෙන්ම වර්ණ අනුවද සුව කිරීම සඳහා භාවිතා වේ.
එම නිසා මැණික් යනු හුදෙක් මුදල් මත පමණක් පදනම් නොවූ ඉතා ගැඹුරු විෂයයකි.
මෙය වසර ගණනාවක් අධ්‍යයනය කළද තවදුරටත් හැදෑරිය හැකි දිගු විෂයපථයකි.

Astrology
ජෝතිෂ්‍ය හා සම්බන්ධ මැණික්

විශ්වයේ පවතින හිතකර අහිතකර කිරණ අප වෙත ළඟාවීමේ දී එය තෝරා බේරා ලබාගැනීමට මැණික් මැණික් නමැති පාෂාණවලට හැකියාව ඇත.දුර්වල මනසක් ශක්තිමත් කිරීමට විභව ශක්තියක් මැණික් ගලක ඇත.ඒ සඳහා භාවිත කරන මැණික් ස්වභාවිකව ලබාගත් ,පිරිසිදු මැණික් විය යුතුයි.
මෙය පෙරදිග ජෝතීර් විද්‍යාව අනුව භාවිතාවිතා වන ක්රමවේදයකි. මැණික් ප්‍රතිකාරය ලෙස හඳුන්වයි. ඔබට ගුරුත්වය නමැති බලය තිබෙනවා යැයි දැනුනත් එය නොදන්නා සේම මෙයද ප්රායෝගිකවම අත්දැකිය යුතු දෙයකි. ඒ සඳහා ඔබ සන්සුන් මනසක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ජෝතිෂ්‍ය විද්‍යාව ඍෂිවරුන්ගෙන් පැවත එන නිසා මනස දියුණු කළ අය සොයාගත් කරුණු නූතන විද්‍යාව අනුව ඔප්පු කිරීම සඳහා කාලයක් ගත වනු ඇත.
සම්පාදනය: සම්පත් සමරසේකර
Phone : +94777576897
(Available in WhatsApp)
Sampath Samarasekara
Websites :
www.sampathgems.com
www.gemluck.com
www.ceylonsapphirejewels.com
www.buyroughgems.com
www.bluesapphire.lk
නවයකින් සහ මැණික් ව්‍යාපාරයට උනන්දුවක් දක්වන අය සඳහා සාදා ඇති ව්‍යාපාරික සමූහයට පහත link එකෙන් (Telegram Group) එකට join වෙන්න.
https://t.me/joinchat/Q5cLnxilNw4xAr8T3TumfA
ඔයාලා ලඟ තියෙන මැණික් සම්බන්ධ ලිපි දැණුම බෙදාදීම සඳහාඅපට එවන්න.
මෙම ලිපියේ ඇති කරුණු ඔබට ඕනෑම ආකාරයකට ඕනෑම තැනක භාවිතා කළ හැක. කිසිදු කර්තෘ අයිතියක් මාහට අවශ්‍ය නොවේ. මගේ නම හා වෙබ් අඩවි සඳහන් කළ හැකි නම් අගය කරමි. ජය වේවා…!!!